වැව් 25ක් කැඩී ගිහින්, වැව් 250ක් අවදානම් තත්වයක
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.
ජලමට්ටම ඉහළ යෑමත් සමඟ දිස්ත්‍රික්කයේ වැව් 250 අාසන්න ප්‍රමාණයක් කැඩීයාමේ අවදානමකට ලක්ව අැතැයිද පැවසීය.
වවුනියාව දිස්ත්‍රික්කයේ කුඩා සහ විශාල වැව් 848 පවතින අතර ඉන් සියයට 90 ප්‍රමාණයක් පිටාර මට්ටමේ පවතින බවත් සඳහන් කළේය.
කැඩීයාමේ අවදානම් සහිත වැව් යුද හමුදාව සහ අාපදා කළමනාකරණ එ්කකයේ නිලධාරීන් එක්ව අාරක්ෂිත වැලිකොට්ට අතුරා වගාබිම් සහ නිවාස අාරක්ෂා කිරීම සිදුකරන බවත් පැවසීය
වැව් කැඩීයාම සහ ජල ගැලීම් වලින් දිස්ත්‍රික්කෙයේ පවුල් 457 අවතැන්වී අැති අතර ඉන් පවුල් 55 ක් සුබ සාධන මධ්‍යස්ථාන හතරක් තුල රඳවා අැති බවත් දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසීය.