ගැටු මක් හේතුවෙන් නදීමාල් පෙරේරා රෝහල්ගත කරයි.
ජනප්රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් වන ගායන ශිල්පී නදිමාල් පෙරේරාට සංගීත ප්රසංගයක අතරතුර ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
පහරදීමේන් තුවාල ලැබූ ඔහු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පානදුර උතුර ගොරකාන ප්රදේශයේ උත්සව ශාලාවක ඊයේ (06) පැවැති සංගීත ප්රසංගයකට සහභාගී වූ නදිමාල් පෙරේරාට එම උත්සව ශාලාවේම වෙනත් උත්සව ශාලාවක පැවැති උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකු විසින් මෙම පහර දීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම පහරදීම සිදු කර ඇති පුද්ගලයා මොරටුව කොරලවැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
කෙසේ වෙතත් අදාළ පුද්ගලයා පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම මෙම ගැටුම සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට අයථා බලපෑම් කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පහරදීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර සැකකරුවන් අද (07) දින පානදුර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
Hiru news