ශනුද්‍රිගේ ටැටූ පිලිබද ඔබ නොදන්නා දේ මෙන්න
අපි කොයි කවුරුත් දන්න ශ්‍රී ලංකා කලා ක්ශේත්‍රයට මෑත කාලයේ බිහිවුන අද්විතීය වගේම ඉතාමත් දක්ශ රංගන ශිල්පිනියක් විදියට අපිට ශනුද්‍රි ප්‍රියසාද්ව හදුන්වන්න පුලුවන්. 1997 වසරේ සැප්තැම්බර් 8 වෙනිදා උපත ලබන ශනුද්‍රි ප්‍රියසාද්ට මේ වන විට වයස අවුරුදු විසිදෙකක් පමන වනවා.ප්‍රසිද්ධ චිත්‍රපට අද්යක්ශ දිනේශ් ප්‍රියසාද් සහ ප්‍රසිද්ධ චිත්‍රපට නිශ්පාදක ශිරානි ප්‍රියසාද් ඇගේ දෙමව්පියන් වන අතරම ජනප්‍රිය රංගන ශිල්පිනියන් වන දිනක්ශි ප්‍රියසාද් සහ ශේශාද්රි ප්‍රියසාද් ඇගේ වැඩිමහල් සහෝදරියන් වනවා.ඉතින් ඒ අනුව ඇගේ පවුලේ සියලු දෙනා පාහේ කලා ක්ශේත්‍රයට සම්බන්ද බව ප්‍රකාශ කරොත් එහි වරදක් නෑ.ඉතින් ඒ වගේම ටැටූ විලාසිතාවන්ට ප්‍රියතාවයක් දක්වන කෙනෙක් විදියට අපිට ශනුද්රිව හදුන්වන්න පුලුවන් ඉතින් ඇය කොච්චර ටැටූ විලාසිතාවන්ට කැමතීද කියනවනම් ඇය මේවෙනකොට තමන්ගෙ ශරීරයේ ටැටූ මෝස්තර කිහිපයක්ම යොදාගෙනයි ඉන්නෙ. අපි අද ඇගේ ටැටූ මෝස්තර ගැන පොඩි විස්තරයක් සහ ඡායාරූප කිහිපයක් ඔබ වෙත අරගෙන එන්නයි සූදානම් වන්නේ.
ඇගේ අතෙහි තරමක් ඉහලින් ඇගිලි සලකුනු දෙකකින් සැදුනු හදවතක සලකුනක් ඇති ටැටූ එකක් යොදා තිබෙනවා. මේ ඇගේ මවගේ සහ පියාගේ ඇගිලිසලකුනු බවයි අපිටනම් දැනගන්නට ලැබුනේ. ඔබට එහි ඡායාරූප පහතින් දැකගැනීමට පුලුවන්.
ශනුද්‍රි මේ වන විට සිය අතෙහි පහලින්ද කුරුසයක සලකුනක් සහිත ටැටූ එකක් යොදාගෙන තිබෙනවා. ඔබට එහි ඡායාරූප පහතින් දැකගත හැකියි.
ඒ වගේම ශනුද්‍රි විසින් ඇගේ උරහිසෙහි ඉතාමත් අලංකාර ලෙස කලු පැහැයෙන් මලක මෝස්තරයක් සදහන් ටැටූ එකක් යොදාගෙන තිබෙනවා. එහි ඡායාරූපද ඔබට පහලින් දැකබලාගත හැකියි.
ඉහත ටැටූ වලට අමතරව ඇය විසින් ඇගේ බෙල්ලෙහි පසුපස තරමක් පහලින් තවත් අලංකාර මලක ටැටූ එකක් යොදාගෙන තිබෙනවා. එම ටැටූ එක කලු පැහැයෙන් නොමැතිව වර්ණ සහිත ටැටූ එකක් වීම විශේශත්වයක් වනවා. ඔබට එහි ඡායාරූප පහතින් දැකගත හැකියි.
මේ වගේම අපි ඔයාලට තවත් ලස්සන ආටිකල් ගොඩක් ගෙනැත් තියෙනවා,පහලින් ඔයාට ඒව බලන්න පුලුවන්. ඒ වගේම මේ වගේ ලස්සන ආටිකල් බලන්න අපිත් එක්ක දිගටම රැදිල ඉන්න. යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.