අනියම් බිරිදට සැබෑ බිරිද කුඩයෙන් සලකන්න යයි
මේ කතාව ඇසෙන්නේ දකුණු පලාතෙන්.. ඔෆිස් එකේ මේ වගේ වැඩ කරන තවත් හස්බන්ලා ඉන්නවා නම් ඒ අයට මේක හොඳ පාඩමක් වේවි..
ඔහු කා සමගත් සුහදයි.. කාර්යාලයේ ද ජනප්‍රිය අයෙක්… ඕනෑම කෙනෙකුට උදව්වට එන්නේ අනාරාධනයෙන්මයි… ඒ ඔහුගේ හැටි… ඔහුගේ ප්රියමනාපකමටත් මේ ක්‍රියා පිළිවෙතටත් එම කාර්යාලයේම සේවිකාවකගේ හිත ගියේ ඔහුට ද හොරෙන්…
ඔහු විවාහවී තිබුණත් ඇයට එය වගේ වගක් නැහැ.. ඔවුන් දෙදෙනාගේ ඇසුර කිට්ටුම ඇසුරක් දක්වා වර්ධනයවීමට ද ගියේ කිට්ටුම කාලයක්.. මුලදී මුලදී මෙය කාර්යාලයේ කාහටත් රහසක්ව පැවතිය ද කල්යත්ම එය ප්‍රසිද්ධ රහසක් වුණා..
මේ ප්‍රසිද්ධ රහස කටින් කට ගොස් ඔහුගේ භාර්යාවගේ කනට ද රිංගුවා.. මේ ප්‍රශ්නයෙන් නිවසේ ප්‍රශ්න පැන ආවේද ඊට පසුවයි… භාර්යාව මේ සම්බන්ධය නතර කරන ලෙස මුලදී මුලදී ඔහුට බොහෝම කරුණාවෙන් කීවා.. සැරවැර කරද කළෙත් ඒ වෙනුවෙන්..
එහෙත් එය නවතින පාටක් දක්නට නොවූ තැන ඔහුගේ භාර්යාව මේ සම්බන්ධයෙන් සිටියේ මළ අතේ තියාගෙන… කොයිවෙලාවේ හෝ ඔහුගේ යතුරු පැදියේ යන මේ තැනැත්තිය අතටම අල්ලාගෙන නෙළා අවට සිටිය වුන් ඉදිරියේ ලජ්ජා කිරීමටයි… මේ සඳහා ඇයගේ නැගණියන් දෙදෙනාද සිය කැමැත්තෙන්ම ඉදිරිපත්ව සිටීම මේ කාර්යට ඇයට ලොකු තල්ලුවක් වෙනවා..
ඔහු කාන්තාවක යතුරු පැදියේ නංවාගෙන යන්නේ යැයි ලැබුණු තොරතුරකට අනුව ඇය සිය නැගණියන් දෙදෙනා ද සමග ත්‍රිරෝද රථයක නැගී නගරයට ගියේ කුඩ තුනක් ද කිහිල්ලේ ගසා ගෙනයි.. නගරයේ ඔවුහු තිදෙනා රැක සිටියා.. ඒ කුඩ තුන ද කෙළින්කර ගෙනයි… ලැබුණු තොරතුර නිවැරදියි.. ඔහු කාන්තාවක සිය යතුරු පැදියේ නංවාගෙන පැමිණෙමින් සිටියා..
අක්කලා, නගෝලා යතුරු පැදිය ඉස්සරහට පැන කිසිදු ඇහිල්ලක් බැහිල්ලක් නැතිව ඔහුගේ යතුරු පැදියේ සිටි කතට කුඩ ප්‍රහාරය එල්ල කලා.. ඒ සමගම ඔහුත් ඇයත් යතුරු පැදියත් සමගම බිමට වැටුණා.. ඒත් අක්ක නගෝ ගේ ප්‍රහාරය නම් නොනැවතුනා… යතුරු පැදියේ සිටි කතගේ හිස් ආවරණය ගැලවී විසි වී ගියා..
තමන් මේ නෙළා ඇත්තේ ඔහුගේ අනියම් භාර්යාවට නොවන බව මේ අක්ක නගෝලාට ඒත්තු යන විට සිදුවී ඇති දේ හමාරයි.. මේ කාන්තාවන් නෙළා ඇත්තේ හදිසි අවශ්‍යතාවයක් සඳහා ඔහුගේ සහයෝගයක් ඉල්ලා ඇති තමන් හොඳින් අසා ඇති එම කාර්යාලයේම සේවිකාවකටයි… පසුව දැනගත් විට ඔවුන් ඇයගෙන් වැඳ වැඳ සමාව ඉල්ලුවත් ඇයට මේ කාන්තාවන් තිදෙනාට දෙන්න තරම් සමාවක් ඉතිරිව තිබුණේ නැහැලු..
උපුටාගැනීම: හිරු ගොසිප්