නාමල් ගොවියො හම්බෙන්න ගියොත් කන්න වෙන්නෙ පොල් පූදින්න
ගොවීන්ගේ වී සඳහා කඩිනමින් සහතික මිලක් ප්‍රකාශයට පත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා.
ඒ අනුව මාධ්‍යවල ප්‍රකාශ ලබාදෙමින් සිටින නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ගොවීන් හමුවීමට ගියහොත් පොල් පූදින්න ගුටි කෑමට සිදුවන බවයි අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
හිතාමතාම වී මිල ප්‍රකාශ නොකිරීම හරහා ජාවාරමක් සිදුවනවා දැයි සැකයක් මතුවන බවත් මේ වන විට යළිත් පෝලිම් යුගය ආරම්භ වී ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ආණ්ඩුව ලබාගත්තේ මිනිසුන්ට සේවය කිරීමට නම් එම සේවය සිදුකරන ලෙස ලෙසත් එසේ නොමැති නම් දමාගසා යා යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළා.