දෙනෝදහක් සල්ලි දීල යන කොටුවේ වැසිකිලි වල තත්වෙ මෙන්න – වීඩියෝ
දෛනිකව දහස් ගණනක් ජනතාව කොළඹ නගරයට පැමිණෙන අතර, ඔවුන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් ස්ථාන කිහිපයක වැසිකිලි ඉදිකර ඇති නමුත්, ඒවා නිසි ලෙස නඩත්තු නොකිරීම දැඩි ගැටලුවක් බවට පත්ව තිබෙනවා.
ජනතාව චෝදනා කරන්නේ බොහෝ වැසිකිලිවලින් විශාල මුදලක් ද අය කරන බවයි.
එම ජනතාවට සනීපාරක්ෂා පහසුකම් සැපයීම වෙනුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් මැදිහත්ව විවිධ ස්ථානවල වැසිකිළි පහසුකම් සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.
දේශීය මෙන්ම, විදේශීය සංචාරකයින් ද වැඩි වශයෙන් ගැවෙසන කොළඹ නගරය ආශ්‍රිතව ඇති මෙම වැසිකිලි පද්ධති දැඩි අපිරිසිදු මට්ටමක පැවතීම හේතුවෙන් වැසිකිලි භාවිත කරන්නන් පමණක් නොව අවට පුද්ගලයින්ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා.
ටෙන්ඩර් පටිපාටිය මත මෙම වැසිකිලි විවිධ පුද්ගලයින්ට ලබාදී ඇති අතර, එක් පුද්ගලයෙකුගෙන් අය කළ හැකි මුදල රුපියල් 20ක්.
එහෙත්, බොහෝ වැසිකිලි එම මුදල් ඉක්මවා පාරිභෝගිකයින්ගෙන් රුපියල් 40ක් 50ක් වැනි මුදලක්ද අයකරනු ලබනවා.
මෙම වැසිකිලි පද්ධති කිසියම් පිරිසක් විසින් ඔවුන්ට අවශ්‍ය පරිදි පවත්වාගෙන යන බවද දැක ගත හැකි වුණා.
මෙවැනි තත්ත්වයක් යටතේ කොළඹ මහ නගර සභාව විසින් පවත්වාගෙන යන වැසිකිලි ද නිසි පරිදි නඩත්තු නොකරන අයුරුද දක්නට ලැබුණා.
කෙසේ වෙතත් කොළඹ මහනගර සභාව විසින් තිඹිරිගස්යාය සහ ටොරින්ටන් ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන වැසිකිලි පද්ධතිය ඉතා යහපත් මට්ටමින් පවත්වාගෙන යන අතර එහි අය කෙරෙන්නේ ද රැපියල් 10 ක් වැනි ඉතා සාධාරණ මුදලක්.
කොළඹ නගරයේ පිහිටි සෙසු වැසිකිලිත් එලෙස යහපත් මට්ටමින් පවත්වාගෙන යා නොහැක්කේ මන්ද යන්න ගැටලුවක් බවට පත්ව තිබෙනවා.
උපුටාගැනීම: හිරු