හෙරොයින් සමග සාමාන්යෙපෙල සිසුවියක් පොලිස් දැලේ
හෙරොයින් ළඟ තබාගෙන සිටි පාසල් සිසුවියක් ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් අම්බලන්ගොඩ කුරුඳුවත්ත ප්‍රදේශයේදි අද(19)සවස අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ මහ විදුහලක 11 වසරේ ඉගෙනුම ලබන මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින 17 හැවිරිදි සිසුවියකි.
පරික්ෂණවලදි අනාවරණයවි ඇති ආකාරයට මෙම සිසුවියගේ සහෝදරයකු හෙරොයින් ජාවාරම් කිරිම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට මෙයට දින තුනකට පමණ පෙර පැමිණ ඇති බවයි.
ඔහු බන්ධනාගාරගතව සිටි කාලය තුල ඔහුගේ බිරිඳ විසින් හෙරොයින් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර ඇයට කුඩා දරුවෙකු සිටින බැවින් හෙරොයින් ගැණුම්කරුවන් වෙත ගෙන යාමට නොහැකි අවස්ථාවල මෙම සිසුවිය මගින් ගැනුම්කරුවන් වෙත යවා මුදල් ගෙන්වාගෙන ඇති බවද අනාවරණයවි ඇතැයි පොලිසිය පවසයි.
(ඩී.ජී.සුගතපාල)
ලංකාදීප