දුරකථන අංකය වෙනස් නොකර දුරකථන ජාලය වෙනස්කිරීමේ පහසුකම දෙන දිනය මෙන්න
රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් ලබන මාර්තු මස 10 වැනි දින පැවැත්වීමට, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.
එම කාරක සභාව ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ගරු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙහිදී ජංගම දුරකථන පරිශීලකයින්ට ජංගම දුරකථන ජාලය වෙනස් කිරීමේදී තමා භාවිතා කල ජංගම දුරකථන අංකයම නැවත ලබාගැනීමේ හැකියාව (Number Porting) පිළිබඳවද සාකච්ඡා වූ අතර ඊට පිළිතුරු ලබාදෙමින් නිලධාරීන් සඳහන් කර ඇත්තේ එම පහසුකම ලබන ජූනි මස සිට ක්‍රියාත්මක වන බවයි.
එසේම මෙම සාකච්ඡාවේදී Crypto මුදල් භාචිතය පිළිබඳව අදහස් පළවූ අතර ශ්‍රී ලංකාව තුළ එය භාවිතයට අවසර ලබාදෙන්නේද නැද්ද යන්න අවසන් තීරණය මහ බැංකු අධිපතිවරයා විසින් ලබාදෙන නිර්දේශ මත ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
එසැන