පිස්සු මිනිහෙක් හැප්පිලා – බිරිඳගේ අනියම් සම්බන්ධතාවය නිසා සැමියාට අත්වුන ඉරනම
“අනියම් සම්බන්ධතා” කියන මාතෘකාව බොහෝම බැරූරුම් එකක්. ඒ බැරූරුම්කම මනාව වටහා ගන්න සතිඅන්ත පුවත්පතක් පෙරලුවත් ඇති. ඒ හැම පත්තරයක මුල් පිට ලොකු පොල් ගෙඩි අකුරින් “අනියම් සම්බන්ධ” ගැන කියා පානවා.
මේ කතාවත් අපිට මුහුණු පොතෙන් අහම්බෙන් වගේ හමුවුණු කතාවක්….
මීට අවුරුදු ගාණකට කලින් මගේ යාලුවෙක්ට ප්‍රේම සම්බන්ධයක් තිබ්බා කසාද බැඳපු ගෑනියෙක් එක්ක.. සම්බන්ධේ අවුරුදු දෙකක් වගේ ගෙවුණා.
මාසෙකට වතාවක් දෙවතාවක් කොහේ හරි ගියා. පස්සේ ඌ කොළඹට ගියාට පස්සෙ ලව් එක නතර වුණා.
ඒ ඌට එහෙන් එකක් සෙට් වුණ නිසා. අවුරුදු පහ හයකට විතර පස්සේ දවසක් ඌයි මායි නුවර යද්දි පාරේ ට්‍රැෆික් එකක් තිබුණා.
අපි ළඟ කඩයක් ළඟ නතර කරලා විස්තරේ ඇහුවා.
“පිස්සු මිනිහෙක් හැප්පිලා..”අපි බයික් එක අස්සෙන් දාලා ඉස්සරහාට යද්දි මිනිහව දැක්කා. ඊට පස්සෙ යාලුවා කතා කළේ නෑ මා එක්ක ගමන ඉවර වෙනකන්ම. ඇක්සිඩන්ට් එක දැකලා අප්සට් යන්න ඇති කියලා හිතුනේ. පස්සේ ඌ මට කිව්වා අර හිටියේ යාලුවෙලා හිටිය ගෑනිගේ මනුස්සයාලූ. අපිට ඇති උන කුතුහලය නිසාම අපි ඒ ගෑනි ගැන හොයලා බැලුවා.
ඒ ගෑනි යාලුවා කොළඹ ගිය දවස්වලම එල්ලිලා මැරිලා කියලා අපිට දැනගන්න ලැබුණා. හේතුව ඒ සම්බන්දේ එයාගේ මනුස්සයාට දැනගන්න ලැබිලා. ගෑනි එල්ලිලා මැරුනට පස්සෙ මනුස්සයට පිස්සු හැදිලා. දරුවෝ දෙන්නා අන්ත අසරණ වෙලා නැන්දා කෙනෙක්ගේ උදව්වෙන් ජීවත් වෙනවා.
මේක වෙලා අවුරුදු 11ක්. අදටත් මගේ යාලුවා කසාද බැඳලා නෑ. බඳින එකකුත් නෑ. මිනිහා අර දරුවන්ට මාසෙකට ගාණක් යවනවා. හැබැයි ඒ විනාශ වුණ පවුල ආයේ හදන්න බෑ කියලා ඌ දන්නවා.
සමහර අනියම් සම්බන්ධවලට ගොදුරු වෙන මිනිස්සු දන් නෑ, උන්ගේ නොහික්මුණු හැඟීම්වලින් කාගේ හරි දරුවන්ට අම්මා තාත්තා නැතිවෙන බව…
හිරු ගොසිප්