උපන් ඇදුමෙන් බයික් එක පැද්ද 24 තරුණයා කියපු අමුතුම කතාව
නිරුවතින් යතුරුපැදියක් ධාවනය කළ පුද්ගලයකු කඩුගන්නාව පොලිසිය විසින් මාර්ග බාධකයක් යොදා අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.
පුද්ගල ආකර්ෂණය දිනාගැනීම සඳහා මෙලෙස නිරුවතින් යතුරුපැදියක් ධාවනය කර තිබුණේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.
ඔහු කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර දෙසට නිරුවතින් යතුරුපැදියක් පදවාගෙන යන අයුරු වෛද්‍යවරයකු විසින් දැක තිබෙනවා.
119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දී තිබෙනවා.
මේ අනුව මාවනැල්ල පොලිසිය දැනුවත් කිරීමට හදිසි ඇමතුම් ඒකකය පියවර ගෙන ඇති අතර මාවනැල්ල පොලිසියට අදාළ තරුණයා මගහැරී තිබෙනවා.
පසුව මේ පිළිබඳ කඩුගන්නාව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිසිය කඩුගන්නාව ගලවිදින ලද ස්ථානය පසු කළ අවස්ථාවේදී බස් රථයක් මග හරස් කරමින් මෙම යතුරුපැදිය නවතා ඇති බව සදහන්.
පොලිසිය යතුරුපැදිය නවතාගත් අවස්ථාවේදී සැකකාර පුද්ගලයා නිරුවතින් සිට ඇති අතර පසුව කඩුගන්නාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කමිසයක් හා ටී ෂර්ටයක් රැගෙන විත් සැකකරුට අන්දවා ඔහු හා යතුරුපැදිය පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
මෙම සැකකරුගේ මව වෛද්‍යවරියක වන අතර පියා ව්‍යාපාරිකයෙකු වෙන බවයි වාර්තා වෙන්නේ.
සැකකරු සිය යතුරපැදියෙන් අලුයම 04 ට නුගේගොඩ නිවසේ සිට පැමිණ ඇති බවද ප්‍රකාශ කර තිබෙනවා.
තමන් යතුරුපැදියේ ගමන් කරන අතරතුර ඇඳුම් ඇඳගත් බොහෝ දෙනකු ගමන් කරනු දුටු බවත් තමා අන් අයට වඩා ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් තමා එකින් එක ඇඳුම් ගලවා ගෙන යතුරුපැදිය ධාවනය කළ බවත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.