තරුණියන්ව සුදු කරන්න ගිය සුන්දරීට තරු විසිවෙයි
දවස්වල සුදු වෙන්න කියලා හුඟාක් දේවල් තියෙනවා …
සමහර දේවල් මිලෙන් ඉහළයි… මේ කියන්න හදන්නේ සම පැහැපත් කරන කිරිපිටි තොගයක් හොර පාරෙන් ගේන්න ගිහිල්ලා සිදුවුණු දෙයක් ගැනයි…
රුපියල් ලක්ෂ දහ අටක් වටිනා සිරුර පැහැපත් කිරිමට යොදා ගන්නා විටමින් අඩංගු කිරිපිටි ටින් තොගයක් සමග කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීතිවිරෝධී ලෙස මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට ඊයේ කිරිපිටි ටින් 179 ක් මෙරටට ගෙන්වා තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව කොටහේන ප්රදේශයේ පදිංචිකාරිණියක්.
අනෙක් පුද්ගලයා මීගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකු බවයි රේගුව ප්රකාශ කළේ.
හිරු ගොසිප්