බිරිදගේ සාරියක් අනියම් බිරිදට තෑගි කල සැමියාට බිරිද තරු පෙන්නයි
කතාව ඇසෙන්නේ ප්‍රධාන පෙළේ කාර්යාලයක ලොකු පුටුවක සිටි තැනැත්තෙක් ගැනයි..
ඔහු හැමදාමත් පුරුද්දට වගේ ආහාර ගන්න යන්නේ කාර්යාලයේ ඉහළ මහලේ පිහිටි කැන්ටිම වෙතටයි.. මෙය ඒ කාර්යාලයේ රැකියාව කරන බොහෝ දෙනෙකුගේ පුරුද්දක් වුණා..
ඒ වුණත් ඔහුගේ මේ පුරුද්ද තිබුණේ වෙනස් අරමුණක් එක්කයි.. මේ පුද්ගලයා නිලයෙන් උසස් තැනැත්තෙකු වගේම හීන් මනමාලයෙක් බව කාර්යාලයේ බොහෝ දෙනෙක් දැන සිටියා..
දිවා ආහාරය ගැනීමට වෙනත් කාර්යාලයක සේවය කරන කාන්තා නිලධාරියන් කීප දෙනෙක්ද පැමිණෙන්නේ මේ ඉහළම මාලයේ පිහිටි මෙම කැන්ටිම වෙතයි…
අපේ කථානායකයා මේ නිලධාරිනියන් අතර සිටි ඇහට කනට පෙනෙන එක් නිලධාරිනියක් සමග ඇසුරට වැටුණා..
කාලයක් යත්ම එම ඇසුර අනියම් සම්බන්ධතාවකට හැරුණේ ඔවුන්ටත් නොදැනීමයි.. දැන් දෙදෙනා දිවා ආහාරය ගන්නේ එකටයි.. ඒ විතරක් නෙවෙයි, යන්නෙ එන්නෙත් එකටයි..
මේ අනිසි සම්බන්ධය කාර්යාලයේ සෑහෙන පිරිසකට ද දැන ගන්නට ලැබුණා.. කොහොම හරි දවසක් මොවුන් දෙදෙනා එකට ගත් ඡායාරූපයක් මේ කාන්තාවගේ සමාජමාධ්‍ය පිටුවක පළවී තිබුණා.. කොහොම වුණත් මේ ගැන වැඩි කාලයක් නොගොස් අදාළ නිලධාරියාගේ බිරිඳගේද කන වැටුණේ ඒ ඡායාරූපයත් එක්කමයි..
ඇය ද කාර්යාලයක ලිපිකාරිණියක්.. දිවා ආහාර වේලාවට ඇයද කැන්ටිම පිහිටි කාර්යාලය අසල රැඳී සිටියේ මේ හොරය අල්ලා ගැනීමේ අපේක්ෂාවෙන්…
ඇගේ සැමියා වෙනත් කාන්තාවක සමග උකුලු මුකුලු පාමින් කැන්ටිම වෙත පිය නගනු ඇය දුටුවා..
යක්ෂාවේශයෙන් මෙන් සිය සැමියා සහ කාන්තාව වෙත එකවර කඩාපැන්න ඇය එම කාන්තාවට තම අත තිබූ කුඩයෙන් එළව එළවා පහර දෙන්නට වූයේ දෙනෝදාහක් බලා සිටියදීමයි..
සැමියාට කර කියා ගත හැකි කිසිවක් නැහැ… කුඩය රැගෙන ඔහු වෙත පැමිණි බිරිඳ මගේ සාරියක් නේද තමුසෙ අර ගෑනිට තෑගි කරල තියෙන්නෙ, ඒකත් ඇඳගෙන තමයි අද ඇවිත් තියෙන්නේ..
ලැජ්ජාවෙන් මිරිකී ගිය ඔහු තම කාර්යාලයේ ගේට්ටුවෙන් ඇතුළු වූයේ සිය බිරිඳගෙන් බේරීම පිණිසයි..