ආණ්ඩුවත් එක්ක රම්බො වගේ මම තනියම ගේමක
මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
ඔහු මේ බව පවසන්නේ, අප්‍රේල් විසි එක් වන දා ට පෙර, පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් හෙළි කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයට අභියෝග කරමින් දියත් කළ සටන තමන් ජයගත් බවට වන උද්දාමයෙනි.
පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බවයි ගම්මන්පිල පවසන්නේ.
ඒ හේතුවෙන්, ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වාත්, ජනාධිපති අනුරකුමාර දිසානායකත්, නම් නොදන්නා ආණ්ඩුවේ අනෙකුත් මැති ඇමතිවරු සියල්ලෝත් තමන්ට වෛර බැද ඇතැයි ගම්මන්පිල වැඩිදුරටත් පවසයි.
උපුටාගැනීම: ගගන