මධුසමය දා සැමියාගේ රහස ඇසූ බිරිද සැමියාට කුනුහරපෙන් බනී
“මිනිස්සු කසාඳ බඳින්නෙ සතුටින් ඉන්න.ඒ වගේම තමයි කෙල්ලෙක් නම් ආසයි ඒකි පරිස්සම් කරන් හිටපු දෙයක් එදාට ඒ අයිති කෙනාට අත් දෙකම එකතු කරලා දෙන්න. මමත් එහෙම කෙල්ලෙක්.. මටත් තිබුණා ගොඩක් ආසාවල්..”
මේ කතාව කියන කෙල්ල ඉන්නෙ දකුණු රටේ. ඇගේ ඒ කතාව අමානුෂිකද ? නැත්තම් දරුණු වැඩිද ? එහෙම නැත්තම් අවුල් සහගතද ?නැත්තම් ඔයාලා කියන විදිහට චාටර්ද ? කියලා ඔයාලම තීරණය කරන්න..
“මම බැන්දේ පෝසත්ම මනුස්සයෙක්ව. එයාගේ නම ලංකාවෙ ගොඩක් අය දන්නවා. ස්පෙශලී එයා ගොඩක් හිට් චරිතයක්. යූටියුබ් ඉන්ටවීව් පවා දීලා තියෙනවා.මම වුණත් ආස කළේ සැපපහසු ජීවිතයක්නේ. බොරුවට කියන්න වුවමනා නෑනේ මම නිකන් ලුණුයි බතුයි කන්න ආසාවෙන් බැන්දේ නෑ. හැම කෙල්ලටම වගේ මටත් හීන තිබ්බා..”
“ඒ නිසාමයි හස්බන් පෝසත් කෙනෙක් කිව්වම මම ඒ ප්‍රපෝසල් එකට දෙපාරක් නොහිතාම කැමති වුණේ. හස්බනුයි මායි මැරි කරන්න කලින් ගොඩක් තැන්වලඇවිද්දා. ට්‍රිප් එහෙම ගියා. හැබැයි අපි සීමාවෙම හිටියා. එයා කිව්වෙ හැම සීමාවක්ම අවසන් වෙන්නෙ අපේ හනිමූන්දවසේ කියලයි.. ඉතින් ඒ දවසට ආසාවෙන් මම ඇඟිලි ගැන ගැන හිටියා.”
“පස්සෙ දවසක් ආයෙම හස්බන් කිව්වා,ඔයාට ලොකු රහසක් කියන්න තියනවා බබා,
ඒක කියන්නෙ හනිමූන් එක දවසේ කියලත් කිව්වා.දැන් මටත් තවත් ඉවසුම් නෑ. කොහොම හරි ඒ දවස ආවා.දන්නවද ඒ රහස මොකද්ද කියලා..”
“එයාට කවදාවත් මා එක්ක ලිංගික සම්බන්ධකමක් පවත්වන්න බැරිලූ. එයා දුර්වලයිලූ. එයාට කරන්න පුළුවන් එකම දේ මගේ ශරීරය බලාගෙන තෘප්තිමත් වෙන්න විතරයි. මට මාර අවුල් ඒක ඇහුවම. ඇත්තමයි වමනෙට ආවා. මම කුනුහරප පවා කිය කිය මගේ හස්බන්ට බැන්නා. අන්තිමට ඩිවෝස් එක පවා ඉල්ලුවා. ඒත් එයා වචනයක් නොකියා ඇඬුවා විතරයි.”
“එයා ඒකට බය වෙලයි හිටියේ. නමුත් මම පස්සෙ එයාට තේරුම් අරන්, අපි ඩොක්ටර්ස්ලාව හම්බෙන්න ගියා. එයාව යොමු කළා ප්‍රතිකාරවලට. පුංචි කාලේ සිද්ධ වෙච්ච අතවරයක් නිසා එයා මානසික විදිහට කඩන් වැටිලයි හිටියේ.ඒක එයාට ලොකුවටම බලපාලා තිබුණා..”
“මම කියන්නෙ හැම කෙනෙක්ගෙම දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒත් මම එදා හස්බන්ව අතෑරියේ නෑ.එයා එක්ක ම හිටියා. අදටත් එයා තමයි මට හොඳම හස්බන්..”
හිරුගොසිප්