වහාම ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් පිටවෙන්න
ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් පිටවන්නැයි රටවල් රැසක් සිය රටවල පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව වහාම එම රටවලින් පිටවන ලෙස මේ වනවිට උපදෙස් ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
ඉන්දියාව ද එරට පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් ඉවත්වන ලෙසයි.
ඒ සඳහා පෞද්ගලික මෝටර් රථ භාවිත කරන ලෙසටද උපදෙස් ලබා දී තිබෙනවා. ඉරානයෙන් පිටවන ඉන්දියානුවන්ට ආර්මේනියා දේශසීමාව ඔස්සේ ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව සඳහන්.
උපුටාගැනීම: හිරුගොසිප්