මේ වසරේ බදු ගෙවිය යුතු පුද්ගලයින් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 160%කින් ඉහළට
මේ වසරේ බදු ගෙවිය යුතු පුද්ගලයින් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 160%කින් ඉහළ ගොස් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අද (18) නිවේදනය කළේ ය.
එම නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය වසරේ දේශීය ආදායම් පනතට කළ සංශෝධන හේතුවෙන් බදු ගෙවිය යුතු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.
2022/2023 තක්සේරු වර්ෂය සදහා බදු ගෙවීමට අදායම් වාර්තා ඉදිරිපත් කල යුතු පිරිස 333,313 ක්.
2023 /2024 තක්සේරු වර්ෂයයේදි එම සංඛ්‍යාව 868 009 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ව්‍යාපාරිකයින් , වෘත්තිකයින් , වත්කම් හිමිකරගත් පුද්ගලයින් වැනි පිරිස් පිළිබඳ අවධානය යොමු කර ආදායම් සඳහා ලියාපදිංචිය පුළුල් කිරිම තුළ බදු ගෙවන්නන් සංඛ්‍යාව ඉහල ගොස් ඇතැයි අදාළ නිවේදනයේ දැක්වේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ටින් අංකය සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරිම සහ ආදායම් බදු සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරිමට වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේ ප්‍රථිපලයක් ලෙස එය ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වර්ෂයකට රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායම් හෝ ලාභ උපයන පුද්ගලයින් අදායම් වාර්තා ඉදිරිපත් කල යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේවෙතත් එම ආදායමට වඩා අඩු ආදායම් ලබන පුද්ගලයින් ආදායම් බදු ගෙවිය යුතු නැත.
තමාගේ ආදායම් ප්‍රකාශිත වාර්තාව මාර්ගගත ක්‍රමය භාවිතා කරමින් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කල යුතුයි.
යම් පුද්ගලයෙකුට ආදායම් වාර්තා මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා දීමට නොහැකි නම් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය , ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණ ඒ සඳහා අවශ්‍ය සහය ලබා ගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.