අද දින දුම්රිය වර්ජනයක්?
දුම්රිය දෙපාර්තමේන්තුවේ ගැටලු සම්බන්ධව අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අවධානය යොමු නොකළොත් අද (30) දිනයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයකට සූදානම් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියා.
එහිදී ඔහු පවසා සිටියේ මෙවැනි අදහසක්.
”දිනෙන් දින උඩුදුවන දෙපාර්තමේන්තුවේ පරිහානිය සහ පරිපාලන ගැටලු පහුගිය දින කීපයේම අපි වරින් වර මාධ්‍ය දැනුවත්කිරීම් සිදුකළා. පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කළා. දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීමට මැලිවෙන යටත් නිලධාරීන් කොටසක් එක්ක ඇතිවුණු ගැටලු සම්බන්ධයෙන් නිසි විසදුමක් දුම්රිය සාමාන්‍ය අධිකාරියවරයාට අද දිනේ දීමට නොහැකි වුණා . ඒ අනුව හෙට දිනයේදී අමාත්‍යාංශ ලේකම්වරයා හෝ අමාත්‍යවරයා ලබාදෙන සාකච්ඡාවෙන් අනතුරුව අපේ වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කරනවා.දිනෙන් දින දුම්රිය අවලංගු වෙනවා පීලි පනිනවා. නානුඔය සිට නුවර බලා අපිටත් වෙන පාසල් දුම්රියට එන්ජිමක් දීගන්න බැරි තත්වෙට පත්වෙලා. පහුගිය ආණ්ඩු කාලේ අපි වැඩ වර්ජන වලට ගිහින් ලබාගත් ඉල්ලීම් පරිපාලන ගැටලු පෙන්නමින් මගහරිමින් ඉන්නවා. මහජනතාව සහ දේශපාලන අධිකාරිය අපහසුතාවයට පත් කරන්න අපි කොයි වෙලාවකවත් වැඩ වර්ජන වලට යන්න උත්සහ ගන්නේ නෑ . නමුත් අවසාන තුරුප්පුව වැඩ වර්ජනය නම් ඒකට යන්න අපි පැකිලෙන්නෙත් නෑ. ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා මේ සම්බන්ධව අවධානය යොමු කරයි කියලා අපි හිතනවා එහෙම නොවුනොත් ඉතා සුවිශේෂීය විදිහට හෙට දිනයේදී වැඩ වර්ජනයකට යන්න අපි බලාපොරොත්තු වෙනවා”