ඉහළ මිලට ඇති සහල් මිලට රජයෙන් ස්ථීර විසදුමක්
සහල් මිල පාලනය කිරීම සඳහා ඉදිරියේදී ක්‍රියාමාර්ග කිහිපයක් ගන්නා බව රජය පවසනවා.
ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ ගබඩා පහසුකම් හා අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමටයි රජය දැනටමත් තීරණය කර ඇත්තේ.
මීලඟ කන්නයේ වී අස්වනු නෙලන කාලසීමාව වන විට වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් වැඩිදියුණු කර වී තොග වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීම තවත් එහි ක්‍රියාමාර්ගයක්. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා.
සහල් මිල සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේම දැඩි කතාබහක් මතු වුණා.
ඒ, සහල් මිල ඉහළ යාම හා වෙළඳපොළේ නාඩු සහල් හිඟ වීම සමගයි.
වෙළඳපොළ තුළ කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ තවමත් නාඩු සහල් සම්බන්ධයෙන් මතුවූ ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබී නොමැති බවයි.