හිටපු ජනාධිපති මහින්දගේ ආරක්ෂාව අඩු කෙරේ. ත්‍රීරෝද රථයකුත් ආරක්ෂාවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කර තිබෙනවා.
ඒ, ප්‍රභූ ආරක්ෂාව සඳහා නිලධාරීන් අනියුක්ත කිරීමේ කමිටුව විසින් ගන්නා ලද තීරණයකට අනුවයි. ඒ අනුව නිලධාරීන් සංඛ්‍යාව 60ක් දක්වා අඩු කර තිබෙනවා.
වාහන සංඛ්‍යාව ජීප් රථ දෙකක්, යතුරුපැදි දෙකක් සහ ත්‍රීරෝද රථයක් දක්වාද අඩු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව අතිරික්ත නිලධාරීන්ගේ නාමලේඛනය නොවැම්බර් 02වනදාට පෙර තමන් වෙත යොමු කරන ලෙසයි විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අධ්යක්ෂ, විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය 05 වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ.
එමෙන්ම රඳවා ගැනීමට උපදෙස් ලබා දී ඇති වාහන සහ යතුරුපැදි ප්‍රමාණයට අමතර සංඛ්‍යාව නොවැම්බර් 03වනදාට පෙර පොලිස් ප්‍රවාහන කොට්ඨාසය වෙත භාර දී අවසන් කළ යුතු බවද දැනුම් දී තිබෙනවා.
කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ ඒ මහතාගේ ආරක්ෂක ප්‍රධානියා මෙතෙක් ඒ, සම්බන්ධයෙන් දැනුවත් කර නොමැති බවයි හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය පැවසුවේ.