අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝදනය කෙරේ
අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝදනය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ රුපියල් 06 කින් ය.
එහි නව මිල රුපියල් 371කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 06කින් අඩු කර තිබේ.
ඒ අනුව සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 313කි.
ඔක්ටේන් 92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථානව නිවේදනය කළේ ය.