පාසල් ලමයින්ට පොත් මිලදී ගැනීම සඳහා නව දීමනාවක් රජයෙන්
පාසල් සිසු සිසුවියන්ට පාසල් පොත් මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දීමට සැලසුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගය මහනුවර ප්රදේශයේ සංවිධාන කර තිබූ ජන රැළියකට එක්වෙමින්.
එමෙන්ම රාජ්ය සේවක වැටුප් වැඩි කිරීමට පැවති රජයට මුදල් තිබුණේ නම් එය එම අවස්ථාවේදීම කළ හැකිව තිබූ බවයි එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මෙවර මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධාන කළ ජන රැළියක් මහනුවරදී පැවැත්වුණා.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,
”අපි විධිමත් කැබිනට් මණ්ඩලයක් හදනවා. විසි පස් දෙනයි ඉන්නේ. අපි ග්රාමීය දුප්පත් භාවය තුරන් කරන්න විශේෂ සැලැස්මක් හදලා තියනවා. ප්රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඒක ක්රියාත්මක කරනවා. එනිත් එක අපි ඩිජිටල් ඉකොනොමි එකක් හදනවා. මේ තියන තත්ත්වේ ඉදන් වැදගත් තැනකට ගේනවා. ඒ වගේම ක්ලීන් ශ්රී ලංකා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පිරිසිදු ශ්රී ලංකාවක් කරනවා. අනිත් එක 2025 වෙනකොට මෙතෙක් ලංකාවට ආපු වැඩිම සංචාරකයින් ප්රමාණය අපි ගේනවා.. සැලසුම් හදලා තියෙන්නේ. අපි මේ රට නව පුනරුද යුගයකට ගෙන යනවා. රාජ්ය සේවකයින්ට පළමු අයවැය ලේඛනයෙන්ම වැටුප් වැඩි කරනවා. ඒ වගේම අපි සැලසුම් කරලා තියෙනවා පාසල් දුවා දරුවන්ට අපි ලබා දෙන ක්රමවේදය සාර්ථක වුණොත් මේ නිවාඩුවට ගෙදර යනකොට පොත් ගන්න පාසල් ළමයින්ට දීමනාවක් දෙන්න..”