ඉදිරි වසර කිහිපය තුල ඉහල වැටුපක් සහ වැඩිම ඉල්ලුමක් ඇති වන විදේශ රැකියාව
දෙවන ලෝක යුද්ධය නිමාවීමෙන් අනතුරුව ගෙවුණු දශක කිහිපය තුළ ලෝකයේ ඉහළ ආර්ථික වේගයක් ළඟාකරගත් රටවල්වල ජනතාවගේ සමාජ සුරක්ෂිතභාවය වර්ධනය විය. එමෙන්ම විසිවන ශතවර්ශයේ මුල ලෝකය තුළ ඇති වූ බොහෝ වසංගත තත්ත්වයන්ට සාර්ථක ඖෂධ වර්ග එම සියවසේ අවසන් දශක කිහිපය තුළ සෝයා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවීමත් සමග මිනිසුන්ගේ විශේෂයෙන් යුරෝපීය වැනි රටවල්වල ජනතාවගේ ආයු අපේක්ෂාව වර්ධනය විය. නොදැනුවත්වම ඉහත සඳහන් කරන්නට වූ රටවල් මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් වූයේ වැඩිහිටි ජනගහනය වර්ධනයයි. වැඩිහිටි ප්‍රජාව ශ්‍රම බළකායේ කොටසක් නොවුණත් දශක පහකට වැඩි කාලයක් තිස්සෙ රටේ සංවර්ධනයට දායක වූ ඔවුන් නොසලකා සිටීමට ආර්ථික අතින් සංවර්ධිත රටවල ප්‍රජාවට නොහැකි විය. ඒ අනුව සාත්තු සේවක වෘත්තියට දැඩි ඉල්ලුමක් මේ රටවල්වල නිර්මාණය විය. නමුත් සංවර්ධිත රටවල ශ්‍රම හිඟය හේතුවෙන් අප වැනි සංවර්ධනය වන රටවල ශ්‍රමිකයින්ට එවැනි වෘත්තීයකට ඇතුළු වීමෙන් සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව උදාවිය.
ඔබ යුරෝපය වැනි රටක සාත්තු සේවක රැකියාවකට යොමුවීමට අපේක්ෂා කරන අයෙක් නම් ඒ සඳහා මෙරටදී පුහුණුවක් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් සහනදායී මුදලකට පවත්වනු ලබන පාඨමාලාවක් ඇත. ඔබ අවුරුදු දහ අටට වඩා වැඩි ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමේ හැකියාවක් ඇති අයකු නම් මෙම පාඨමාලාව හැදැරීමට හැක. පාඨමාලාව ගැන වැඩි විස්තර විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් හෝ එම ආයතනයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. පාඨමාලාව සාර්ථකව නිමකරන අයවලුන් සඳහා වෘත්තීය නිපුණතා මට්ටම එනම් N.V.Q level 3 සහතිකය පිරිනැමේ.
කොළඹ විශ්වවිද්‍යාලය මගින්ද සාත්තු සේවයට ආදාළව පාඨමාලවක් පවත්වයි. එහිදී ඔවුන් එම පාඨමාලාවට සම්බන්ධ කරගනු ලබන්නේ අපොස සාපෙළ සමත් උසස් පෙළ විභාගය සඳහා පෙනි සිටි අයවලුන් පමණි. මෙම පාඨමාලාවට ආදාළව මෙම වසරේ ශිෂ්‍යයන් බඳවා ගැනීම අවසන් වී ඇති අතර මෙම පාඨමාලාව සාර්ථකව නිමකරන අයවලුන් සඳහා වෘත්තීය නිපුණතා මට්ටම් හතර එසේ ( N.V..Q level 4 )සහතිකය පිරිනැමේ. මෙම පාඨමාලාව සම්බන්ධයෙන් වැඩිවිස්තර කොළඹ විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. එමෙන්ම පෞද්ගලික අංශය විසින්ද සාත්තු සේවක රැකියා වෙනුවෙන්ම පවත්වනු ලබන පාඨමාලාවන් පවතියි. එහිදී ඔබ විදේශ සේවා නියුක්ති කාර්යංශය අනුමත පෞද්ගලික ආයතනයක් වෙත ඇතුළත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත්ය.
එමෙන්ම ඔබ යෑමට බලාපොරොත්තු වන රට අනුව භාෂා නිපුණතාව ලබාගැනීමද වැදගත්ය. යුරෝපීය රටක නම් මෙරට තනාපති කාර්යාලය විසින් අදාළ රාජ්‍යයන්ගේ භාෂාව සම්බන්ධයෙන් පාඨමාලාවන් පවත්වයි. නැතිනම් යුරෝපීය භාෂා සම්බන්ධයෙන් ප්‍රවණතාවක් සහිත පුද්ගලයකු හෝ ආයතනයකින් එය කරගත යුතුය. යුරෝපීය රටක සාත්තු සේවක රැකියාවක් අපේක්ෂා කරන්නේ නම් ඉංග්‍රීසි භාෂාවට අමතරව ඒ රටේ භාෂාව සම්බන්ධයෙන් සාක්ෂරතාවක් ලබා තිබීම වෘත්තීමය සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වේ.
එමෙන්ම ඉහත සඳහන් කළ රටවල්වල සංස්කෘතික පරිසරය සම්බන්ධයෙන්ද දැනුවත්භාවයක් ඔබ ලබා ගත යුතුය. යුරෝපීය රටවල් තුළ පවතින සමාජය අනෙකාගේ නිදහසට බදා නොකරන සාමකාමී විනෝදකාමී පරිසරයකි. එමෙන්ම ජපානය ඔවුන්ගේ සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් එකිනෙකාට ගෞරව කරන සමාජයකින් යුතුය. මැද පෙරදිග මුස්ලිම් නොවන එකම රාජ්‍යය වන ඊශ්‍රායලය තාක්ෂණික දැනුමෙන් මෙන්ම වෛද්‍ය ප්‍රවාහන කෘෂිකාර්මික අංශවලින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටකි. මේ අයුරින් ඒ සංස්කෘතික පරිසරය සම්බන්ධයෙන් දළ වශයෙන් හෝ අවබෝධයක් සහිතව පිටත්වීම ඔබ එවැනි රටකදී මුහුණ දෙන අවහිරතා මගහැර ගැනීමට උපකාරි විය හැකිය.
ඉදිරි වසර පහක කාලසීමාව තුළ සාත්තු සේවාවන්වලට අදාළව රැකියා අවශ්‍යතාවය විශාල වශයෙන් වැඩිවිය හැකි බවට සමාජ විද්‍යාඥයන් විසින් පුරෝකතනයන් සිදු කරයි. ඔබ සාත්තු සේවක රැකියාවකට යොමුවීමේදී අනෙකුත් රැකියාවන්ට සාපේක්ෂව වැඩි වැටුපක් මෙන්ම විශේෂ ප්‍රතිලාබද ලබා ගත හැකිය. මේ අනුව ඉහළ වැටපක් ලබා ගත හැකි සාත්තු සේවක රැකියා පවතින රටවල් අතර, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, නවසිලන්තය, ජපානය, ඊශ්‍රායලය ආදී රටවල් පෙන්වා දිය හැකිය. මේ රටවල්වලදී ඔබට මාසිකව ඇමරිකානු ඩොලර් දහසක් දෙදහසක් අතර වැටුපක් ලබා ගැනීමේ හැකියාව පවතියි.
යුරෝපීය රටවල ඔබට සාත්තු සේවා සැපයීමට සිදුවන පුද්ගල කණ්ඩායම් දෙකක් හඳුනා ගත හැකිය. ඒ
1. හදිසි අනතුරුවලට හෝ උපතින්ම ශාරිරික දුබලතාවලට ලක්වූ පිරිස්.
2. වැඩිහිටි ප්‍රජාව.
ජාපනය වැනි රටක් තුළ වැඩිහිටි ජනගහනය සහ ඔවුන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරි වතාවරණයන්ට මුහුණුදීමට සිදු වී තිබේ. ඇතැම් ජපාන වැඩිහිටියන් මියගොස් මාසයකට පමණ පසු මෘත දේහයන් සොයා ගත් අවස්ථාව සම්බන්ධයෙන් පුවත් වර්තා වේ. යුරෝපයෙත් මේ සම්බන්ධයෙන් තත්ත්වයෙ වෙනසක් නොමැත. ජාපනය වැනි රටක් මේ ගැටලුව කළමනාකරණයට නම් නිසැක වශයෙන්ම ශ්‍රමිකයන් විදේශ රටවල්වලින් ගෙන්වා ගත යුතුය. මේ අවස්ථාව සම්බන්ධයෙන් අප හොඳින් අවබෝධ කර ගත යුතුය.
විදේශ රැකියා වෙළඳපොළ තුළ සාත්තු සේවක රැකියා අවස්ථා අප රට තුළට නිරාවරණය කරගැනීමට නම් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුය. සාත්තු සේවාවට අදාළ රැකියා කෝටාවෙන් සැලකිය යුතු පංගුවක් අප රට තුළට ලබාගැනීමට යහපත් රජ්‍ය තාන්ත්‍රික සබඳතා මගින් හැකියාව පවතින බවද සඳහන් කළ යුතුය. ඒ සඳහා මේ කලාපයේ අනෙකුත් රටවල්වලට සාපේක්ෂව අප රට තුළ සාත්තු සේවාවන්ට අදාළ සේවාවන් ගුණාත්මකභාවයට පත් කළ යුතුය. එසේම මෙරට තුළ පවත්නා පාඨමාලාවන් අන්තර්ජාතික නිර්ණායකයන්ට අනුව පවත්වනු ලබන පාඨමාලාවන් බවට පත්කළ යුතුය. එසේම වර්ථමාන වන විට සාත්තු සේවා රැකියාවල නිරත වන මෙරට ශ්‍රමිකයන් සම්බන්ධයෙන් යුරෝපයේ හෝ ජාපනය ඊශ්‍රායල් වැනි රටවල්වල සේවාදායකයන් තෘප්තිමත්භාවයක් ඇති වන අයුරින් කටයුතු කළ යුතුය. එම නිසා වෘත්තීය ගරුත්වය කෙලෙසෙන අයුරුන් ඉහත රටවල් තුළදී ක්‍රියාකිරීම මගින් ඔබෙත් තවත් අයෙකුගේත් අවස්ථාවක් අහිමි කරනවා විය හැකිය.
ඉහත සඳහන් කරන්නට වූ රටකට විසා පහසුකම් ලබාගැනීම අසීරුය. බොහෝ ලාංකීය තරුණ ප්‍රජාව අධ්‍යාපනය වීසා මගින් රටවල් තුළට ඇතුළු වේ. මෙහිදී ඔබ විදේශ රැකියාවකට ගොස් අපේක්ෂා කරන ජීවිතය ළඟා කරගැනීමට තව කාලයක් ගත විය හැකිය. එමෙන්ම අධ්‍යාපනය වීසා පහසුකම් මගින් විදේශ ගත වී ඔබ යම් රැකියාවක නිරත වුණත් ඔබට සාපේක්ෂව අවම වැටුපක් හිමිවිය වේ. ඔබට අපහසු කාලයක් ගෙවා දැමීමට සිදු වේ. ඒ නිසා ඔබ කළ යුත්තේ විදේශ රැකියා නියුක්ති කාර්යංශය සමග සම්බන්ධ වී විදේශ රැකියා වෙළෙඳපොළ සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වීමයි. ඔබට විශාල අධ්‍යාපන සුදුසුකමක් සාත්තු සේවක රැකියාවකට අත්‍යවශ්‍ය නොවන නිසා උසස් අධ්‍යපනයක් ලබා ගැනීමට නොහැකි වූ ඔබටත් මෙවැනි කේෂ්ත්‍රයක් ඔස්සෙ සාර්ථකභාවයට පත්වීමේ හැකියාව පවතියි. ඔබට සාත්තු සේවා රැකියා සම්බන්ධයෙන් හොඳ දැනුවත්භාවයක් ලබාගැනීම සඳහා රැකියා නියෝජිත ආයතනයක් වෙත යොමු වීමට පෙර විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ මාර්ගය උපදේශනය ලබාගැනීම අත්‍යවශ්‍ය බව සඳහන් කළ යුතුය. එසේ නොමැතිව කටයුතු කිරීම මගින් ඔබට අනපේක්ෂිත ගැටළු වලට මුහුණ දීමට සිදු වනු ඇත.
ඉදිරි වසර පහක කාලය තුළ නිසක වශයෙන්ම මේ රැකියාවට ඉල්ලුම වර්ථමානයේ පවතින ඉල්ලුමට සාපේක්ෂව විශාල වර්ධනයක් අපේක්ෂා කරන බව සමාජ විද්‍යාඥයන් මෙන්ම ආර්ථික විද්‍යාඥයන්ද පෙන්වා දෙයි. ඒ අනුව සාත්තු සේවාවන්ට ආදාළව ගුණාත්මක සේවාවක් රටක් වශයෙන් අප ලබාදීම මගින් පෞද්ගලිකවත් රාජ්‍යයක් වශයෙනුත් අපට ඉහළ ප්රතිලාභ ලබා ගත හැකි බව නොරහසකි. ඒ අනුව රැල්ලට විදේශ ගත නොවී මෙවැනි වඩාත් ඉහළ ඉල්ලුමක් සහිත වඩාත් හොඳ වෘත්තීයභාවයක් සහිත රැකියාවකට හොඳ වෘත්තීය නිපුණත්වයක් සහිතව විදේශ ගතවීම මගින් ඔබගේ අනාගතය නිසැක වශයෙන්ම වඩාත් යහපත් එකක් වනු නොඅනුමානය.
උපුටාගැනීම: අරුණ