ලමයින් අතර බෝවන වයිරස් උණක් ගැන සෞඛ්‍ය අංශ අනාවරණය කරයි
පවතින කාලගුණ තත්ත්වය වැනි කරුණු හේතුවෙන් මේ දිනවල ළමයින් අතර පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වයන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
එමෙන්ම වැඩිහිටි පුද්ගලයින් අතර ද වෛරස් උණ පැතිරයාම ඉහළ ගොස් ඇති බැවින් හුස්ම ගැනීමේ අපහසුතා, හිසරදය වැනි රෝගී ලක්ෂණ පවතීනම් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කළේ.