හිසකෙස් වර්ණ ගන්වනයන් භාවිතා කරන්නන්ට පාරිභෝගික අධිකාරියෙන් නිවේදනයක්
හිසකෙස් වර්ණ ගන්වන ව්‍යාජ නිෂ්පාදන අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබෙන හෙයින් මේ සම්බන්ධව විමසිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙ වැනි නිෂ්පාදන පිළිබඳ තොරතුරු වෙතොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත දැනුම්දෙන ලෙසත් ඉල්ලා සිටියි.
ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ආලේපන වෙළෙඳපොළෙහි අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරන කරන බවද සඳහන් කරයි.
මේ අනුව නිවැරදි හිසකෙස් කළු කරන ආලේපනයෙන් අකාරයට සකස් කර අලෙවි කළ පිටකොටුව පැරණි නගරශාලා ගොඩනැගිල්ලෙහි සහ පීපල්ස් පාර්ක්හි වෙළෙඳුන් තිදෙනෙකුට මේ වන විටද නීතිය ක්‍රියාත්මක කර තිබෙන බව අධිකාරිය පෙන්වා දෙයි.
වැරදි හිසකෙස් කළු කරන ආලේපන අකාරයට මේවා සකස් තිබූ බවත් නිවැරදි ඇසුරුමක අනු බර 21g ක් වන බවත් ව්‍යාජ නිෂ්පාදනයෙහි අනු ඇසුරුමක බර 10g ක් වු බවත් සඳහන් කරයි.
මෙම වෙළෙඳුන් තිදෙනාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් පසුව වරද පිළිගෙන තිබේ. ඉන් පසුව දඩ මුදලක් සහ අත්අඩංගුවට ගනු ලැබූ එම ඇසුරුම් විශාල ප්‍රමාණයක් රාජසන්තක කර විනාශ කිරීමට අධිකරණය නියම කර ඇත.
උපුටාගැනීම: අද වෙබ්පිටුව