සහල් කිලෝ 17925ක් විනාශ කිරීමට තීන්දු කරයි
අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ “අමුල්” වර්ගයේ ආනයනික සහල් කිලෝ 17,925ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිරීක්ෂණය මත විනාශ කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය අද (27) නියෝග කළාය.
සහල් තොගයේ කල්ඉකුත් වීමේ දිනය වසර දෙකක් ඉදිරියට දමා වෙනස් කළ කොළඹ 14, සහල් ආනයනික සමාගමකට හා හිමිකරුට එරෙහිව පාරිභෝගි කටයුතු අධිකාරිය පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග ය නිකුත් කළ අතර සහල් ආනයනය කළ ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කළේය.
විත්තිකරු අධිකරණය ඉදිරියේ වරද පිළිගැනීම හේතුවෙන් මෙම දඩය නියම කෙරිණි .කොළඹ 14 විත්කරුගේ ගබඩාවේ තිබී කිලෝ 25ක් බරැති සහල් මිටි 717 ක් අත්අඩංගුවට ගෙන මුද්‍රා තැබූ බවද නිලධාරීන් පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේත්‍රාත්වරිය පාරිභෝගික නිලධාරීන් ඉදිරියේදි සතියක් ඇතුළත සහල් තොගය විනාශ කරන ලෙසට නියෝග කළ අතර විත්තිකරුට රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කළාය .