නාමල්ට කෝටි හතක් සාපරාධීව පරිහරණය කලායැයි නඩු
ක්‍රිෂ් ගනුදෙනුවෙන් රුපියල් කෝටි 07ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය ලෙස පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පැවරුවේය.
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බවට අධි චෝදනා යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.
මෙම වංචා සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තිබු අතර එම සිද්ධියේ සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයටට ඉදිරිපත් කළ නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැර ඇත.
උපුටාගැනීම: ලංකාදීප