බෆල් එකෙන් පිරිත් දමා අංජනමෙන් බලා නිදන් සෙවූ දෙදෙනාට දෙලොව රත්වෙයි
අංජනම් එළියකින් පැවසූ රත්තරන් සොයා නිවස තුළ කැණීම් කරමින් සිටි තීරෝද රථ රියදුරෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
එම සැකකරුවන් දෙදෙනා ඒ වන විට නිවසේ සාලය තුළ අඩි 18 ක ප්‍රමාණයක් යටට කැණීම් කර තිබූ බවත් ඒ සඳහා යොදාගත් උදලු, සවල්, යකඩ ඉනි , ගල් විදීමට යොදාගත් ඩ්‍රිල් මැෂිමක් , කපන කටු , කඩුවක් පිහියක් , මෙන්ම මල් පහන් ඇතුළු සුවඳ දුම් පොලිස් භාරයට ගෙන ඇත.ෙ
කහතුඩුව වෙනිවැල්කොළ පාසල් මාවතේ නිවසක පුද්ගලයකු බිරිඳ සහ දරුවන් නිවසින් පලවා හැර වෙළඳසැලක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගේ සහයෙන් නිවස තුළ නිධානයක් සොයා කැනීම් කරන බවත් එම ශබ්දය පිටතට නොඇසීමට බපල් යන්ත්‍රයක් ආධාරයෙන් පිරිත් යොදා ඇති බවත් කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ මහතාට අද පෙරවරුවේ ලද රහසිගත තොරතුරක් අනුව එම වැටලීම සිදුකර ඇත.
පොලිස් නිලධාරින් එම ස්ථානයේ වටලන අවස්ථාවේදීත් සැකකරුවන් දෙදෙනා කැනීම් කටයුතු විදුලි ආලෝකය මධ්‍යයේ සිදු කරමින් සිටි බවත් භූගතව අඩි 18 ක පමණ ප්‍රමාණයක කළුගල පෑදී ඇති බැවින් එය පිපිරවීම සඳහා රසදිය යොදා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවසීය.
උපුටාගැනීම: ලංකාදීප