ගිනි අවිය පත්තු වීම ගැන ඉන්දිය රජයෙන් දැඩි අප්‍රසාදය
ඩෙල්ෆ් දූපත ආසන්නයේ නීති විරෝධීව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් 13 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව අත් අඩංගුවට ගැනීමට යෑමේදී වෙඩි තැබීමක් සිදුවී තිබෙන බවත් එම සිදුවීම සම්බන්ධයෙන් නව දිල්ලියේ වැඩබලන ශ්‍රී ලංකා මහා කොමසාරිස් ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය ගෙන්වා ඉන්දීය රජය දැඩි විරෝධය ප්‍රකාශ කර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එසේම මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයද මෙම සිදුවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමුකර ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
කුමන තත්ත්වයක් යටතේ වුවද බලය යෙදවීම පිළිගත නොහැකි බවත් ඉන්දීය ධීවරයන්ගේ ජීවනෝපාය බැවින් ඒ පිළිබඳ කටයුතු කිරීමේදී මානුෂීයව කටයුතු කරන ලෙස ඉන්දීය රජය මීට පෙරද ශ්‍රී ලංකා රජයට දන්වා තිබෙන බවත් ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
ඉන්දීය ධීවරයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දෙරටේ රාජ්‍යයන් අතර ඇතිකර ගෙන තිබෙන අවබෝධය දැඩිව අනුගමනය කළ යුතු බවද ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය පැවැසුවේ
උපුටාගැනීම: ලංකාදීප