මම හදන බටුමෝජුව කන්න එයත් ආසයි – ඡායාරූප සමග
හාරකෝටිය, තුත්තිරි, කෝටිපතියෝ, හිරු ඇවිදින්, අග්නි පියාපත් වගේ ගොඩක් කලා නිර්මාණ වලින් ප්‍රේක්ශකයොන්ට සමීප උන මෑතකාලයේ බිහිවුන විශිශ්ඨ නිලියක් විදියට අපිට සදනි ෆ්රනාන්දුව හදුන්වන්න පුලුවන්.
ඉතින් අපි අද අරගෙන ආවෙ ඇය සමග සිදුකල කතාබහක් සහ ඇගේ ඡායාරූප කිහිපයකුයි.
ඉතින් සඳනි කොහොමද, ජීවිතේ මොකද වෙන්නේ මේ දවසවල ?
ජීවිතේ නම් ගොඩක් හොඳින් ගෙවෙනවා. මේ දවස්වල රටේ පවත්නා තත්ත්වය එක්ක වැඩ කටයුතු සමබරව කරගෙන යනවා
සඳනි කියන චරිතය මේ ක්ෂේත්රයට ආවෙ වෙළඳදැන්වීම් හරහානේද?
ඔව් මුලදීනම් එහෙමයි. මම මුලින්ම පෙනීහිටියෙ මන්චි සමාගමේ කොමේ කියන බිස්කට් ඇඩ්එකට. පස්සේ ගොඩක් වෙළඳ දැන්වීම් වලට දායකවුණා. රංගන ශිල්පිනියක ලෙස මේ ක්ෂේත්රයට ආවේ ස්වර්ණවාහිනියේ විකාශනය වූ හාරකෝටිය කියන ටෙලිඩ්‍රාමා එකෙන්
සඳනිගෙ ආදරේ ගැනත් කියමුනේද කවදද දෙන්නා එකලාසයක් වෙන්නෙ ?
ආදරේ කරන කෙනා ගොඩක්ආදරෙන් සමීපව ඉන්නවා. එකලාසයක් වෙන්න තව කල් තියෙනවා. මට තවම වයස තියෙනවා එයාටත් එහෙමයි අපි දෙන්නටම තනිතනිව කලයුතු තව වැඩකොටසක් තියෙනවා. ඉන්පසුව විවාහයට සුදුසු කාලය ආවාම අපේ විවාහය සිදුවේවි.
ආදරය කරන කෙනා ගායකයෙක්ද දෙන්න කොහොමද හමුවුනේ ?
ඔව්. එයා ගායකයෙක් මට එයාව මුලින්ම හමුවන්නෙ එයාගෙ පලමු සින්දුවේ මියුසික්වීඩියෝව කරද්දි. මට ඊට කලින් මට මියුසික් වීඩියෝවලට රඟපාන්න අවස්ථාව ලැබුණත් මම ඒවා බාරගත්තෙ නැ. ඒත් මම මේ සිංදුවට ගොඩක් ආසා නිසා ඒක බාරගත්තා.
මොකක්ද ඒ ආසම සින්දුව ?
ඉතින් මම ඉන්න මියුසික් වීඩියෝව නරඹලා බලන්නකෝ. එතකොට ඒ සිංදුව මොකක්ද කියලා ඔයාලට දැනගන්න පුළුවන්නේ
සඳනිට ආදරේ දැනෙන්නෙ කොහොමද ආදරේ සුන්දරයිද?, ඇයි ඔහුට හිතගියේ?
ආදරේ ඉතින් කියනතරම්ම සුන්දරම නෑ යථාර්ථය ඇතුළෙ ජීවත්වෙද්දී එහෙමයි. ඒත් තේරුම්ගැනීමත් එක්ක ආදරේ ගොඩක් ලස්සනට ගලාගෙන යනවා. හිතගියේ නම් මුලින්ම කටහඬට. ඇත්තටම ඒ හඬට ආකර්ශනයවීමක් විතරයි. පස්සේ ගතිගුණ එහෙම එක්ක අපි කතාබහ කරද්දී ඒ හඬට වඩා අමුත්තක් මම ඔහු තුලින් දුටුවා
දැනට සඳනිගෙ වෘත්තිය රඟපෑම විතරයි නේද ?
ඔව් දැනටනම් රඟපෑම විතරයි. ඉදිරියේදී එකේ යම්කිසි වෙනස්කම් සිදුවේවි. බොහෝවිට මගේම ව්‍යාපාරයක් හෝ වෘත්තියක් කරාවි.
ගෙදරදී සඳනි කටයුතු කරනවිදිය ගැනත් පොඩ්ඩක් කියමු නේද ?
එහෙම කියන්න තරම් විශේෂයක් නෑ ගෙදර තියෙන හැමවැඩක්ම වගේ මම කරනවා. අම්මගෙ වැඩවලට ගොඩක් උදව්කරනවා. ඒ නිසා රසට උයන්නත් පුළුවනි. ඇත්තටම මම හදන බටුමෝජුව කන්න හැමෝම ආසයි. එයත් ආසයි, කාන්තාවක් හැටියට ගෙදර වැඩත් කරන්න ඕනනේ.
ඉතින් අපි කවුරුත් ආදරේ කරන සදනිගෙ ඡායාරුප කිහිපයකුත් ඔබට පහලින් දැකගන්න පුලුවන්.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)